ඉදිරි මැතිවරණයට නිලධාරීන් සූදානම් කිරීම ඇරඹේ

මාර් 03, 2020

    ඉදිරි මැතිවරණය සඳහා නිලධාරීන් සූදානම් කිරීම අද ආරම්භ කෙරිණ. ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ නිලධාරීන් දැනුවත් කිරීම අද සිදු කෙරිණ. ඒ කෑගල්ල තේරීම්බාර නිලධාරීන් හා දිසාපති මහින්ද එස්.වීරසූරිය සහ සහකාර මැතිවරණ කොමසාරිස් එස්.ඩබ්ලිව්.වෙල්ගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් දැනුවත් කිරීමයි, සිදු කෙරිණ. විශේෂයෙන්, තැපැල් ඡන්ද සඳහා නිලධාරීන් දැනුවත් කිරීම ද සිදු කෙරිණ. වැඩසටහන පැවැත්වුණේ, කෑගල්ල දිසාලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අද දිනය පුරා අනෙකුත් ප්‍රදේශවල ද සිදු කෙරෙන බව තේරීම්බාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 12:20

    Latest News