වැසි රහිත කාලගුණයක් අදත්

මාර් 03, 2020

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්වයක් පවතින බව,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දකුණු පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (15-30) පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40 පමණ දක්වා ඉහළ යාහැක.

    මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු විය හැක.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 07:34

    Latest News