සුරියවැව ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩාලෝලීන්ට වූ ප්‍රහාරය ගැන අප්‍රසාදය පළ කරනවා; අගමැති (වීඩියෝ)

පෙබ 27, 2020
  • කොදෙව්-ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගය නැරඹීම සඳහා සුරියවැව ක්‍රීඩාංගණයට පැමිණි ක්‍රීඩාලෝලීන්ට සිදුවූ ප්‍රහාරය පිළිබඳ අප්‍රසාදය පළ කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස නියෝග කළ බවයි. තරගය ඊයේ පැවැත්වුණේ, සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී. එය නැරඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන් පිරිසකට ප්‍රවේශපත් කවුළුව අසල දී ප්‍රහාරයක් එල්ල විය. එම සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අද අදහස් පළ කර සිටියේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා...

    “ඊයේ වෙච්ච සිද්ධිය පිළිබඳව අපි කණගාටු වෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය කරපු අවුල තමයි මෙයට හේතු වුණේ. අවුරුදු ගානකට පස්සේ තරුණ ළමයි මැච් එක බලන්න ආවහම මේ විධියට සලකපු එක සම්පුර්ණ වැරදියි“ යැයි අගමැතිතුමා පැවසීය.

    මෙම ප්‍රහාරය පිළිබඳව තමා දැඩි ලෙස කණගාටුවන බව, ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරන්නේ. ක්‍රීඩාවට ආදරය කරන සහ ක්‍රීඩකයින්ගේ ප්‍රතිරූපයට ගරු කරන ජනතාවක් සිටින රටක මෙවැනි තත්වයක් ඇතිවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

    Last modified on සිකුරාදා, 28 පෙබරවාරි 2020 08:33

    Latest News