හිටපු නාවික හමුදාපති 4 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවට

පෙබ 27, 2020

    හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සිව්වන දිනටත්, අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබා දුන්නේය.

    අතිරේක සොලිසිටර් ජනරාල් සුමුදු ජයවර්ධන මහතා මෙහිදී කියා සිටියේ, 2020 පෙබරවාරි 20 වැනි දින කොමිසම නියෝග කළ පරිදි නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ සිතාසි නොලැබුණු බවයි. ඒ පිළිබඳව අද දහවල් 11.25ට පමණ තමා පෞද්ගලිකවම කොමිසමේ ලේකම්වරියගෙන් විමසා සිටි බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කොමිසම හමුවේ කියා සිටියේය. එබැවින් කරුණු ගොනුකර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට නොහැකි වූ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. කොමිසම මාර්තු 10 වැනි දින සවස 1.30ට යළි රැස්වීමට නියමිතයි.

    Latest News