භූගත ජල ගැල්මකින් පුත්තලම නිවාස 40ක් යටවෙයි (වීඩියෝ)

පෙබ 27, 2020
  • පුත්තලම, සේනකුරිප්පුම ග්‍රාම සේවා වසමේ ජුසේවාස් මාවත සහ කෝවිල් පාර ප්‍රදේශයේ නිවාස 40ක් පමණ පිහිටා ඇති අතර, මාස 4ක 5ක පමණ කාලයක සිට මෙම ප්‍රදේශය ජලයෙන් යටව තිබේ.

    ඉකුත් දෙසැම්බරයේ පැවති ගංවතුර තත්වයත් සමග මෙම ජල ගැලීම් ආරම්භ වූ බවයි, ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ දිනවල පුත්තලම නගරය ආශ්‍රිතව ප්‍රදේශවලට දැඩි වියළි කාලගුණික තත්වයක් පැවතියද, මේ ප්‍රදේශයේ ජලය බැසයාමක් තවමත් දක්නට නොලැබේ. ප්‍රදේශයේ පිහිටි නිවෙස්වල අත්තිවාරම් යටින් පවා දිය පහරවල් ගලා යන අයුරු දැකිය හැකියි. ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් පිටුපස ඇති භාවිතය අතහැර දැමූ නළ ළිං ඇතුළින් මෙම ජලය පිටවෙන බවටයි, ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

    ප්‍රදේශයේ ජලය බැසයාමේ අඩුවක් දක්නට නොලැබෙන අතර ප්‍රදේශයේ ඇතැම් නිවෙස්වල ළිං වසර 30කට පසු පිටාර මට්ටමක පවතින බවයි, ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

    මේ ආකාරයෙන් සිදුව ඇති ජල ගැලීම් හේතුවෙන් බොහෝ දෙනා ප්‍රදේශය අතහැර ගොස් තිබේ. තවමත් මෙම ප්‍රදේශයේ සිටින ජනතාවට පවසන්නේ, තමන්ගේ එදිනෙදා කටයුතුවලට මෙන්ම සනීපාරක්ෂක කටයුතුවලට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළ ද ඔවුනට තවමත් මේ සඳහා විසඳුම් සොයාගත නොහැකි වූ බවයි, ජනතාව පෙන්වා දෙන්නේ. ප්‍රදේශයේ ජනතාව මාස ගණනාවක සිට මුහුණ දෙන මෙම ගැටලුවට කඩිනම් විසඳමක් ලබා දෙන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

    09

    13

    12

    Last modified on සිකුරාදා, 28 පෙබරවාරි 2020 08:43

    Latest News