රාජ්‍ය ආයතන 110කට හෙට පාර්ලිමේන්තුවේ දී සම්මාන

පෙබ 27, 2020

    ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 110කට සම්මාන පිරිනැමීම හෙට සිදු කෙරේ.

    උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. 2018 වසරේ දී ආයතන 844ක් ඇඟයීමට ලක්වූ අතර ඉන් තෝරාගත් ආයතන 110කට සම්මාන පිරිනැමීමට නියමිතයි. රජයේ විශේෂිත වියදම් ඒකක, අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල,පළාත් සභා අරමුදල් ඇතුළු අංශ කිහිපයක් යටතේ සම්මාන ප්‍රදානය සිදු කෙරේ. 8 වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනූව රජයේ අයාතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණෙන් 2015 මුදල් වර්ෂය පදනම්කර ගනිමින් මේ වැඩසටහන ආරම්භ කෙරුණේ, 2016 වසරේදී.

    එය ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය, පළාත්සභා හා පළාත් පාලන අයානවල කාර්යයන් සාධනීය මට්ටමකට ගෙන ඒම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අපේක්ෂාවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 12:31

    Latest News