දඹ රන් පිළිම 2ක් සමඟ පිටකොටුවේ දී පුද්ගලයෙක් අත්අඩංගුවට

පෙබ 27, 2020

    පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසළ දී පුරාවිද්‍යා වටිනාකමින් යුත් දඹ රන් පිළිම 2ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මතයි. අගල් 18ක් උස කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 805ක් බරැති හිටි පිළිමයක් සහ අගල් 02ක් උස ග්‍රෑම් 152ක් බැරැති හිදි පිළිමක් මෙලෙස සොයාගෙන තිබේ.

    සැකකරු 40 හැවිරිදි මොරණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 පෙබරවාරි 2020 10:07

    Latest News