ජනපතිගේ රැකියා ලක්‍ෂයක් ලබාදීමේ සම්මුඛ පරීක්‍ෂණයට විශාල පිරිසක් (වීඩියෝ)

පෙබ 26, 2020
  • ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රැකියා ලක්‍ෂයක් ලබාදීමේ වැඩසටහනේ සම්මුඛ පරීක්‍ෂණ අද ආරම්භ කෙරිණ.

    බඳවා ගැනීම් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා ක්‍රියාත්මකයි. ඉතා දිළිඳු මට්ටමේ පසුවන සමෘද්ධි සහනාධාරයට සුදුසුකම් ලබන සහ නොලබන පවුල් සඳහා රැකියා ලබාදීම වැඩසටහන යටතේ සිදු කෙරේ. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම 300ත්, 350ත් අතර පිරිසක් ඒ වෙනුවෙන් බඳවා ගැනීමට පියවර ගෙන ඇත. දිවයින පුරා අද පැවති සම්මුඛ පරීක්‍ෂණවලට විශාල පිරිසක් එක්වූහ. 

    Untitled 1

    තෝරා ගන්නා පිරිසට මාස 6ක වෘත්තීය පුහුණුවක් ලබාදෙන අතර, එම කාලසීමාවේදී මසකට රුපියල් 22,500ක ගෙවීමක් සිදු කෙරේ. පුහුණුවෙන් පසු ඔවුන් පාසල්, රෝහල් හා වෙනත් රාජ්‍ය ආයතනවල ඇති අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන පුරප්පාඩු සඳහා අනුයුක්ත කෙරේ. වඩු කාර්මික, පෙදරේරු, කෘෂි, ධීවර වන සංරක්‍ෂණ වැනි ක්‍ෂෙත්‍ර සඳහා ඒ ඒ පළාත්වලට අවශ්‍ය පරිදි පුහුණු කර සේවයේ පිහිටුවීමට නියමිතයි. පුහුණුවෙන් පසු සියලුම දෙනාට අදාළ ප්‍රදේශයේම රුපියල් 35,000ක වැටුපක් සහිත රැකියාවක් හිමිවේ. රැකියාව ස්ථිර වී වසර 10කට පසු විශ්‍රාම වැටුප් ලැබීමේ අවස්ථාව ද හිමිවනු ඇත.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 20:09

    Latest News