සුදුවෑන් මාධ්‍ය හමුවේ සැකකරුවන් දෙදෙනා ටී.56ක් සමග අත්අඩංගුවට

පෙබ 26, 2020

    උඩුගම්පල කෙහෙල්බද්දර පාරේ වෛද්‍ය මධ්‍යස්ථානයකට රාත්‍රී කාලයේ ඇතුළුවී එහි සේවකයන්ට ගිනි අවි පෙන්වා බිය වද්දා,අත්පා බැඳ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළේය.

    රුපියල් හතළිස්පන් ලක්ෂ අනූහය දහසක මුදලක් එහිදී කොල්ලකා තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු ගිනි අවි හා මුදල් සමග ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

    ඔවුන් සන්තකයේ තිබූ ටී 56 ගිනිඅවියක්, ඊට යොදන ජීව උණ්ඩ 15ක්. අපරාධයට යොදා ගැනුණු ජංගම දුරකතන 5ක්, රන් මාල 2ක්, කොල්ලය සඳහා යොදාගත් මෝටර් රථයක් හා රුපියල් හාරලක්ෂයක පමණ මුදලක් අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වෙයි.

    පසුගිය ජනාධිපතිවරණයට පෙර සුදුවෑන් පැදවූ රියදුරන් බවට මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වූ දෙදෙනා ද මීට සම්බන්ධ බවට හෙළි වූයේ එම විමර්ශනයට අනූවයි. ඔවුන් දෙදෙනාට කොල්ලකෑම්, රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරයපෑම,කූට ලේඛන සකස් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් අලුත්කඩේ,මීගමුව,අත්නගල්ල හා මහර යන අධිකරණවල නඩු විභාගවෙමින් පවතින බව පොලීසිය පවසයි.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 13:16

    Latest News