ප්‍රදේශ කිහිපයකට අද දැඩි උණුසුමක්

පෙබ 26, 2020

    වයඹ,බස්නාහිර පළාත්වලට සහ මන්නාරම,ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලට අද උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධික උෂ්ණත්ව දර්ශකයට අනූව සෙල්සියස් අංශක 32,42ත් අතර පරාසය වැඩි අවධානය යොමු කළ යුතු මට්ටම ලෙස සඳහන්. විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස් පිඩු පෙරළීම,අධික උෂ්ණත්වය නිසා ඇතිවන මහන්සිය මෙම කාලගුණික තත්වය හමුවේ ඇති විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News