ඉඩම් ඔප්පු අහිමි සෑම අයෙක්ටම කඩිනමින් ඔප්පු

පෙබ 26, 2020

    ඉඩම් ඔප්පු අහිමි සෑම පුද්ගලයෙකුටම කඩිනමින් ඔප්පු ලබා දීමට පියවර ගන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට උපදෙස් ලබාදී තිබේ. ඒ අනූව දිවයිනේ සෑම ප්‍රදේශයකම ඉඩම් ජංගම සේවා පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ මහතා පවසයි.

    ඉඩම් ඔප්පු අහිමි සෑම අයෙකුටම ඔප්පුවක හිමිකම ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ එක් අරමුණක්. ඒ අනූව ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස ජනතාව අතරට ගොස් ඉඩම් ගැටලු පිළිබඳ සොයා බලා ඒ සඳහා විසඳුම් ලබාදීමට කොමිෂන් සභාව තීරණ කර තිබේ.

    ඒ අනූව ඇඹිලිපිටිය ප්‍රදේශයේ 3,000කට ආසන්න ප්‍රමාණයක්ද, මොනරාගල හා පස්සර ප්‍රදේශවල 4,000කට අධික ජනකායක් ද ඉඩම් ඔප්පු ලබා ගැනීමේ ජංගම වැඩසටහන සඳහා එක්ව සිටියේය.

    Latest News