විදේශ ඇමති අද මානව හිමිකම් සැසිය අමතයි

පෙබ 26, 2020

    ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුස්ලියේ 40/1 දරන යෝජනා සම්මුතියේ සම අනුග්‍රාහනකත්වය ඉවත් කර ගැනීමේ තීරණය අද ජිනීවාහිදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්සත් ජාතීන්ගේ 43 වැනි මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතයි.

    මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ මට්ටමේ සැසිවාරය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පමණ ඇරඹීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීම ඉදිරිපත් කෙරේ. ඊට පිළිතුරු දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.

    2015 ඔක්තෝබර් මාසයේ අංක 30/1 දරන යෝජනාව හා 2017 මාර්තු මාසයේ අංක 34/1 දරන යෝජනා ඇතුළත් කොට සම අනුග්‍රාහකත්වය පිළිබඳ අංක 40/1 යෝජනාව සලකා තිබිණ. එය හඳුන්වා තිබුණේ ශ්‍රී ලංකාව් සංහිදියාවේ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය යනුවෙන්. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසට අමාත්‍ය මහින්ද සමරසිංහ, විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ හා ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹයේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් අයත් වෙයි.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 08:03

    Latest News