ජාඇල අවට අද ජල කප්පාදුවක්

පෙබ 26, 2020

    ජාඇල, කටුනායක, සීදුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    අද පෙරවරු 09.00 සිට බ්‍රහස්පතින්දා අළුයම 03.00 දක්වා පැය 18ක කාලයක් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.

    ජා ඇළ සහ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශ, ජා ඇළ - ඒකල, කඳාන, ආනියා කන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.

    Last modified on බදාදා, 26 පෙබරවාරි 2020 07:36

    Latest News