යුද හමුදාපති වෙනුවෙන් විපක්‍ෂ නායක ප්‍රකාශයක් ලබාදීම දෙමළ ජනතාවගේ ස්ථාවරය නොසළකා හැරීමක්; දෙමළ ජාතික සන්ධානය

පෙබ 24, 2020

    යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ප්‍රකාශයක් ලබාදීම දෙමළ ජනතාවගේ මූලික ස්ථාවරය නොසළකා හැරීමක් බව, දෙමළ ජාතික සංධානය පවසයි.

    පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරු-නැගෙනහිර ඡන්ද දායකයින්ගෙන් 85%ක් ඡන්දය ලබාදී ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතාටයි. මෙවැනි තත්වයක් හමුවේ නොසැළකිල්ලෙන් ක්‍රියාකිරීම බලාපොරොත්තු කඩවීමක් බව, දෙමළ ජාතික සංධානය පවසයි. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ අයට පනවනු ලැබූ විදෙස් ගමන් තහනම අවාසනාවන්ත හා කණගාටුදායක සිද්ධියක් බවයි. ඔහු ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට නායකත්වය දුන් විරෝධාර රණවිරුවෙක් බව සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළට්විටර් පණිවුඩයේ දැක්වේ.

    Latest News