අන්තවාදය මැඩලීමට මෙරට සමග සමීපව ක්‍රියාකිරීමට තුර්කිය සූදානම්

පෙබ 18, 2020

    අන්තවාදය මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව සමග සමීපව ක්‍රියා කිරීමට සූදානම් බව තුර්කිය පවසයි.

    මෙරට තුර්කි තානාපති ඩානේට් සෙකරොයිඕග්ලු මහත්මිය කියා සිටියේ, එල්ටීටීඊ ත්‍රස්තවාදය මර්දනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකීය අත්දැකීම් ඉතා වටිනා බවයි. තුර්කි තානාපතිවරිය මේ බව කියා සිටියේ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී.

    තුර්කිය හා ශ්‍රී ලංකාව අතර, සබඳතා තවත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවයි, තුර්කි තානාපතිවරිය ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව නොඩවසන බව පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා, ජාතික අභිලාෂයන් අභිලාෂයන් ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද කියා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 18 පෙබරවාරි 2020 12:31

    Latest News