ඉදිරි කාලගුණය

පෙබ 14, 2020

    ඉදිරි පැය 36 ඇතුළත සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත් වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට සවස 2.00 න් පමුණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත කළ නිවේදනයක දැක්වේ.

    සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50 දක්වා තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

    Latest News