විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය අගමැතිතුමා අතින්

පෙබ 14, 2020

    විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දූ දරුවන් රැකබලා ගැනීමේ වගකීම රජය සතු බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනට එක්වෙමින්, අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස ක්‍රියා කරන කාලවකවානුවේ දී. ඒ 1996 වසරේදී සිසු දරුවන් 157 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමමින්.

    අද ශිෂ්‍යත්ව පිරිනැමුණේ, බස්නාහිර පළාතේ සිසුන් 734 දෙනෙකු සඳහායි. 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 175 දෙනෙකු, අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් 456 දෙනෙකු සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන 103 දෙනෙකු ඊට ඇතුලත්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News