උදයංග වීරතුංග ලබන 17 දක්වා රිමාන්ඩ්

පෙබ 14, 2020

    රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

    ඔහු අද උදේ කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගනු ලැබූ උදයංග වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තාවේ. මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 07කට අධික මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට අදාළව, වීරතුංග මහතා අත්අඩංගුවට ගැණින. ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මින් පෙර ජාත්‍යන්තර රතු වරෙන්තු ද නිකුත් කර තිබිණ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පළමු වරට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ 2016 ඔක්තෝබර් මාසයේදී.

    Latest News