ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදයම ඉහළට

පෙබ 14, 2020

    මෙතෙක් පාඩු ලැබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදයම, ඉකුත් මාසයේ ඉහළ ගොස් ඇතැයි, ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් ඩිපෝ 107 අතරින්, 12ක් හැර ඉතිරි සියල්ලම, පසුගිය මාසය තුළ, දිනකට ලක්ෂ එකහමාර බැගින් ආදායමක් උපයා තිබේ.

    අමාත්‍යවරයා නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස්, පසුගියදා එහි ප්‍රගති සමාලෝචනයක් සිදු කළේය.

    දැනට පාඩු ලබන බස් ඩිපෝ 12, ආදායම් ලබන තත්ත්වයට පත් කිරීම සඳහා, නව පියවර රැසක් ගැනීමට යෝජනා කර ඇත.

    පාඩු ලබන ආයතනයක්ව පැවැති ලංගම පසුගිය මාසය තුළම ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීම හැකි වුයේ නව රජය තුළ සේවක උනන්දුව ඉහළ යාම නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙම වසර තුළ පහත් පතුල් සහිත බස් රථ 2000ක් ලංගම බස් රථ ඇනියට එක් කිරීමටත්, අලුතින් බස් රථ 500ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

    රජයට බරක් නැති ආයතනයක් වශයෙන් ලංගම ඉදිරි කාලය තුළ ඉහළම ලාභ ලබන තත්ත්වයට පත් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.

    Latest News