මාන්කුලම් රෝහල් භූමියේ හමුවූ අස්ථි කොටස් පිළිබඳ නඩුව ලබන 26

පෙබ 14, 2020

    මාන්කුලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කරන අවස්ථාවේ දී අස්ථි කොටස් කීපයක් හමුවී තිබේ.

    එහි සිටි සේවකයින් ඒ බව පසුගිය 2020.02.07 වන දින මාන්කුලම් රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරීවරයෙකු දැනුවත් කිරීමෙන් අනතුරුව මාන්කුලම් පොලිස් ස්ථානයට මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    පසුව මාන්කුලම් පොලිසිය, මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත එදින කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇත. ඉන්අනතුරුව පෙබරවාරි 12 වන දින මහේස්ත්‍රාත්වරයා විසින් එම ස්ථානය පරීක්ෂා කර තිබේ.

    මහේස්ත්‍රාත් නියෝගය අනුව ඊයේ(13) දින උදෑසන 10 ට පමණ කිලිනොච්චිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් එම ස්ථානයේ කැනිම් සිදු කර ඇති අතර, හමුවු අස්ථි කොටස් වසර 20 කට වඩා පැරණි බව නිගමනය කර ඇත.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය 2020.02.26 වන දින නැවත අධිකරණයේ කැඳවීමට නියමිතයි. මාන්කුලම් පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News