රූපවාහිනී 38 වැනි සංචත්සරය නිමිත්තෙන්‌ සර්ව ආගමික වතාවත්‌

පෙබ 14, 2020

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 38 වැනි සංවත්සරය නිමිත්තෙන්‌ සර්ව ආගමික වතාවත්‌ ඉටු කෙරිණි.

    බෞද්ධ ආගමිකවතාවත්‌ කොළඹ 7, ‍බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රමයේදී පැවැත්වුණු අතර විහාරාධිපති පූජ්‍ය මිරිහානේ නන්ද හිමියන්‌ විසින්‌ ආගමික වතාවත් මෙහෙයවනු ලැබිණි. රූපවාහිනී සංස්ථාවේ සභාපති ‍වෛද්‍ය නිහාල්‌ ජයතිලක, අධ්‍යක්‍ෂ ජනරාල්‌ අජිත්‌ නාරගල, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්‌ සුමේධ අතුලසිරි යන මහත්වරුන්‌ සහ කාර්ය මණ්ඩලයේ අනෙකුත්‌ සාමාජිකයන්‌ ඇතුලු පිරිසක් මේ අවස්ථාවය සහභාගී වූහ.

    හින්දු ආගමික වතාවත් ඉටුකෙරුණේ බම්බලපිටිය කදිරේෂන් කෝවිලේදීය. ශ්‍රී පතිරානන්දන් කුරුක්කල්තුමා විසින් විශේෂ දේව පූජාවක් පවත්වනු ලැබිණි. රූපවාහිනී සංස්ථාවට හා සියලුම කාර්ය මණ්ඩලයට මෙහිදී ආශිර්වාද කෙරිණි.

    කිතුණු ආගමික වතාවත් සංවිධානය කෙරුණේ බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙව්මැදුරේදීය. රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලයට සහ ආයතනයේ ඉදිරි සුබසිද්ධය වෙනුවෙන් ආශිර්වාද පූජාවක් පැවැත් විණි. අගරදගුරු පදවියේ ජනාමාධය අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමා විසින් එයි සිදු කෙරිණි.

    ඉස්ලාමීය ආගමික වතාවත් ‍දවටගහ මුස්ලිම් පල්ලියේදී ඉටු කෙරුණේ, මොහොමඩ්‌ ඉක්බාල්‌ මව්ලවිතුමාගේ මෙහෙයවීමෙනි.

    Latest News