කුවේට්හි ගෘහ සේවයට ගොස් සිටි 48ක් යළි දිවයිනට

පෙබ 14, 2020

    කුවේට්හි ගෘහ සේවය සඳහා ගොස් විවිධ අතවරවලට ලක්වූ 48 දෙනෙක් අද(14) යළි දිවයිනට පැමිණියහ.

    ඔවුන් ගෙන්වා ගැනීමට රජය පියවර තිබිණි.

    එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිස කුවේට්හි තානාපති කාර්යාලීය රැඳවුම් කඳවුරුවල රඳවා සිට ඇත.

    මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වූ අතර, ඉතිරි පිරිස ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අය වූහ.

    පැමිණි පිරිසට, ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව යාමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු සලසා දී තිබිණි.

    Latest News