උදයංග ශ්‍රී ලංකාවට ; CIDය ප්‍රශ්න කිරීම් අරඹයි

පෙබ 14, 2020

    අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේවන විට CID භාරයට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

    අද(14) අලුයම කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඔහු දිවයිනට පැමිණ ඇති අතර ඉන්පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

    ඔහු අද අලුයම 4.50 ට පමණ අබුඩාබි සිට මස්කට් හරහා පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ALK208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තාවේ.

    උදයංග වීරතුංග මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 14 පෙබරවාරි 2020 12:25

    Latest News