දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 33 දෙනා හෙට සිය පවුල් වෙත

පෙබ 13, 2020

    දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ ස්ථාපනය කළ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින වූහාන් සිට පැමිණි පුද්ගලයන් 33 දෙනා හෙට සිය පවුල් වෙත බාරදීමට නියමිතයි.

    යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා අද ඒ බව කියා සිටියේය. නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින සියලු දෙනාම මේ වනවිට මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව, ඔහු පවසයි. ඔවුන්ගේ දින 14ක නිරෝධායන කාලසීමාව හෙටින් අවසන්. ඒ අනුව, හෙට ඔවුන්ට තම නිවෙස් කරා පිටත්විය හැකියි. මෙරටදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් 180කට ආසන් සංඛ්‍යාවක් පිළිබඳව පරීක්‍ෂණ සිදුකර තිබේ. වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ චීන ජාතික කාන්තාව හැරෙන්නට වෙනත් කිසිදු පුද්ගලයෙකු මෙතෙක් ශ්‍රී ලකාවෙන් වාර්තා වී නැහැ.

    චීන ජාතික කාන්තාව මනා සුවයෙන් පසුවන බවත්, ඇයට ඉතා ඉක්මණින් තම මව් රට බලා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. තවත් පුද්ගලයන් 18 දෙනෙකු සම්බන්ධයෙන්, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් ප්‍රධානී සහ තවත් රෝහල් 03ක පරීක්‍ෂණ සිදු කෙරේ. ශ්‍රී ලංකාව තුළ රෝගය පැතිරීම වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටී. එම නිසා මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව ඔහු පවසයි.

    කොරෝනා වෛරසය මැඩලීම සම්බන්ධයෙන් වූ සංදේශයක් මෙරට චීන තානාපති කාර්යාලයට අද බාරදෙනු ලැබීය. ඒ, ශ්‍රී ලංකා-චීන මිත්‍ර සංගමය, සංස්කෘතික නිදහස සඳහා වූ ජනතා සංසදය ඇතුළු ජාතික ව්‍යාපාර කිහිපයක් විසින්. 

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති...

    “ඉතාමත් ඉහළින් කෘතඥ වෙනවා මේ අවස්ථාවේදී, විවිධ කණ්ඩායම් විවිධාකාරයෙන් සහයෝගය දැක්වීම පිළිබඳව. චීනයේ මේ වනවිට උද්ගතව තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන සහයෝගය වඩාත් අගය කොට සලකනවා. වසර 17කට පෙර අප මෙවැනිම තත්වයකට මුහුණ පා එය පරාජය කලා. මේ ආකාරයට අදත් මේ ව්‍යසනය පරාජය කිරීමට මුහුණ දෙනවා. ආර්ථිකමය වශයෙන් රටවල් දෙක ශක්තිමත්ව සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ පිළිබඳව කණගාටු විය යුතු නැහැ“ යැයි වූ හෙයි මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 20:16

    Latest News