මහ කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ

පෙබ 13, 2020

    මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව රජය පවසයි.

    එහි මුල් අදියරට වෙන් කෙරුණු මුදල රුපියල් කෝටි 383ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම, මහව කලාපයෙන් ඊයේ ආරම්භ කෙරිණ. වී අලෙවි මණ්ඩලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. රජය ඊට ලබාදුන් මුදල රුපියල් කෝටි 25ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පමණක් වී අස්වනු මෙට්‍රික්ටොන් තුන් ලක්‍ෂ පනස් දහසක් අපේක්‍ෂිතයි.

    ඉකුත් වසරවල නාඩු වී කිලෝවක් රුපියල් 38කට හා සම්බා වී කිලෝවක් රුපියල් 41කට මිලදී ගනු ලැබුවද, මෙම කන්නයේ සිට එම වී දෙවර්ගයම කිලෝවක් රුපියල් 50 බැගින් මිලදී ගැනීමටයි, රජය පියවර ගෙන ඇත්තේ. තෙතමනය 14%සිට 22% දක්වා වූ වී කිලෝවක් සඳහා නියම කර ඇති මිල රුපියල් 44ක්. මහ කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, වී මිලදී ගැනිම ද ආරම්භ කෙරිණ. දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් හාර ලක්‍ෂ 9,000ක් මිලදී ගැනීමට නියමිතයි. රජය ඊට වෙන් කළ මුදල, රුපියල් පන් කෝටියක්. වී මිලදී ගැනීම සඳහා ගබඩා 33ක් විවෘත කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පවසයි.

    Latest News