තරඟකාරී අධ්‍යාපනික ක්‍රමය නිසා දරු පරපුරට දහම් අධ්‍යාපනය, නිදහස, බාහිර ක්‍රියාකාරකම් අහිමි වෙලා; අගමැති

පෙබ 13, 2020

    තරඟකාරී විභාග මුලික කරගත් අධ්‍යාපනික ක්‍රමය හේතුවෙන් වත්මන් දරු පරපුරට දහම් අධ්‍යාපනයේ නිදහස සහ බාහිර ක්‍රියාකාරකම්වල නිරතවීමේ නිදහස අහිමිවී ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ භික්‍ෂූන් වහන්සේ සමඟ ඊයේ පැවති හමුවකදී. ඉරිදා දින සහ පොහොය දින පෞද්ගලික පංති පැවැත්වීම නිසා දහස් පාසල්වලට දරුවන්ගේ පැමිණිම සීඝ්‍රයෙන් අඩු වී ඇති බව සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ භික්‍ෂූන් වහන්සේ පෙන්වා දුන්නේය. එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, රජයක් වශයෙන් ඉරිදා දින දහම් පාසල් පැවැත්වීම සඳහා සියලු කටයුතු සංවිධාන කර දෙන බවයි. උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන, බෞද්ධ සිද්ධස්ථාන ආරක්‍ෂා කිරීම සම්බන්ධව භික්‍ෂුන් වහන්සේ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. එම ස්ථානවල සීමා මායිම් නිසි පරිදි සලකුණු කොට එම ස්ථාන ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම ත්‍රිපිටක ධර්මය විකෘති කරමින් මිත්‍යා මත පැතිරවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස භික්‍ෂුන් වහන්සේ රජයෙන් ඉල්ලා සිටියේය.

    Latest News