සිංගිමලේ රක්‍ෂිතයේ ගින්න පාලනයට ගුවන් හමුදාවේ සහය

පෙබ 13, 2020

    සිංගිමලේ රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදා බෙල් 212 ගුවන් යානයේ සහය ලබා ගැනේ.

    අද (13) උදැසන හටගත් ගින්න තවදුරටත් පැතිර යන නිසා ගින්න පාලනය කිරිමට ආපදා කලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත. ගුවන් යානයෙන්, කාසල්රි ජලාශයෙන් ජලය රැගෙන සිංගිමලේ කඳු මුදුනට ඉස ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාව සමත්විය. හැටන් පොලිසිය, වන අඩවි කාර්යයාලය, හැටන් දික්ඔය නගර සභාව, ප්‍රදේශවාසින් සහ යුධ හමුදා නිලධාරින් ගින්න පාලනය කිරිමට දැඩි උත්සහයක් කලද එය නොහැකි වු නිසා ගුවන් හමුදාවේ සහය ලබා ගැනිමට කටයුතු කෙරිණ.
    ගින්නෙන් අක්කර තුනක පමණ කොටසක් විනාශ වි ඇති බව හැටන් වන අඩවි කාර්යාලය පවසයි.

    Latest News