කෝටියකට අධික හෙරෝයින් ගල්කිස්සේදී අල්ලයි

පෙබ 13, 2020

    ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 15 ක් සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකර ඇත්තේ ඊයේ (12) රාත්‍රී 11.10ට පමණ. අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 22 ක් වු අධියර, බඩෝවිට, ගල්කිස්ස යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

    සැකකරු අද(13) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 08:58

    Latest News