කොරෝනා හේතුවෙන් ඊයේ දිනයේ පමණක් මරණ 242ක්..ආසාදිතයින් 60,280ක්

පෙබ 13, 2020

    නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,367 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ දිනයේදී චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් 242 දෙනෙකු මියගොස් ඇති අතර, වෛරසය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා දිනෙක වාර්තා වූ ඉහළතම මරණ සංඛ්‍යාව එයයි. එසේම මේ වන විට වෛරස ආසාදිතයින් 60,280 දෙනෙකු වාර්තා වී තිබේ. වෛරස් ආසාදිතයින් 14,840ක් අලුතින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉදිරි සති කිහිපය තුළ වෛරසය එහි උච්ඡතම අවස්ථාවට පැමිණෙනු ඇතැයි විශේෂඥයින් පවසයි.

    242 deaths due to coronation in the country yesterdayකෙසේ වෙතත්, ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, මරණ අනුපාතිකය ක්‍රමයෙන් පහළ යාමක් පෙන්නුම් කරන බවයි, චීනයේ හුබෙයි ප්‍රාන්තය තුළ වෛරස ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇත්තේ, අදාළ ප්‍රදේශ තුළ රෝග විනිශ්චය කිරීමේ වැඩපිළිවෙළ වඩාත් පුළුල් කිරීමත් සමගයි. ඊයේ වන විට නව කොරෝනා වෛරසය කොවිඩ් 19 ලෙස නම් කෙරිණ. කෙසේ වෙතත්, වසංගතයේ අවසානය පිළිබඳ පුරෝකතනය කිරීමට තවමත් කල් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. හොංකොං විශ්වවිද්‍යාල ඇතුළු තවත් අංශ කිහිපයක් කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව වාර්තාගත ප්‍රමාණයට වඩා අතිශය ඉහළ බවටයි, සඳහන් කර ඇත්තේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 08:37

    Latest News