කොළඹ, මහනුවර සහ කුරුණෑගල වායු දූෂණය ඉහළට (වීඩියෝ)

පෙබ 12, 2020
  • කොළඹ, මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශවල වායු දූෂණ අගය ඉහළ ගොස් ඇතැයි, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඊසාන දිග මුහුදු ප්‍රදේශයේ පවතින දූවිලි අංශු, සුළං මගින් රට තුළට පැමිණිම ඊට හේතුවයි. අමෙරිකානු තත්ව දර්ශකයට අනුව වායු ගෝලයේ පැවතිය යුතු මට්ටම ලෙස සැලකෙන්නේ 0ත්-50ත් අතර අගයයි. නමුත් ඉහත ප්‍රදේශවල එය සටහන් වන්නේ 100ත්-150ත් අතර අගයකයි. 

    මේ දිනවල පවතින වියළි, සුළං සහිත කාලගුණය නිසා මෙරට වායු දූෂණය ඉහළ ගොස් ඇති බව, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පවසයි. ලෝක කාලගුණ ව්‍යාප්තියේ දත්ත සටහන් අනුව සමකය ආසන්න රටවල් බොහොමයක මේ තත්වය දැකිය හැක. ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ වායු දූෂණය ඉහළ අගයක් පෙන්නුම් කරයි. මීට බලපා ඇත්තේ රට තුළ වායු දූෂණ සහ මුහුදු සුළං මගින් රට තුළට පැමිණෙන වායු ධාරායි. කඩුවෙල, අවිස්සාවේල්ල, හංවැල්ල ආදි ප්‍රදේශවල කඳු පංති වෙනදා මෙන් පියවි ඇසට දර්ශනය නොවන්නේ දූවිලි හා දුම් සහිත ස්වභාවයකින් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ මෙලෙස ආවරණය වී තිබීම නිසයි.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 20:03

    Latest News