කඳුකර වගාවට ගුණසේන මහතාගේ නව අත් ටැක්ට්‍රරයක්

පෙබ 12, 2020

    කඳුකර වගාව සඳහා යොදාගැනීමට පහසු නව අත් ටැක්ට්‍රරයක් නිෂ්පාදනය කිරීමට වැලිමඩ, කැප්පෙටිපොළ පදිංචි කාර්මිකයෙකු වන ආර්.එම්.ගුණසේන මහතා සමත්ව තිබේ.

    කඳුකරයේ වගාව සිදු කෙරෙන්නේ,හෙල්මලු ක්‍රමයට නිසා විශාල ප්‍රමාණයේ අත් ට්‍රැක්ටර් යොදා ගැනීම අපහසුයි. සුදු යකඩ උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති මෙම නව සැහැල්ලු අත් ටැක්ට්‍රරය මගින් ඊට විසඳුමක් ලැබී තිබේ.

    යන්ත්‍රය, උපරිම ඉන්ධන පිරිමැස්මකින් යුක්තයි. යන්ත්‍රයෙන් දිනක සී සෑම සඳහා වැය වන්නේ රුපියල් 350ක භූමිතෙල් ප්‍රමාණයක්. ප්‍රදේශයේ එළවළ වගාව සඳහා පස පෙරළීම මෙමගින් සාර්ථකව සිදු කෙරේ. මෙම ටැක්ට්‍රර් නිර්මාණය කොට, අලෙවි කිරීම තම අරමුණ බවයි, ගුණසේන මහතා පවසන්නේ.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 13:55

    Latest News