නව දේශපාලන පක්ෂයේ නමට UNPයෙන් දැඩි විරෝධයක්

පෙබ 12, 2020

    ජාතික සමගි බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කර තිබේ.

    එම පක්ෂය පිළිනොගන්නා ලෙස ඉල්ලමින්, එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්, ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවා තිබේ. ජාතික සමගි බලවේගයේ නායකයා ලෙස ක්‍රියා කරන්නේ සජිත් ප්‍රේමදාස මහතයි. 

    ජාතික සමගි බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි, නීති ලේකම්වරයා යවා ඇති ලිපියේ සඳහන්. ජාතික සමගි බලවේගය නමේ ඉංග්‍රීසි පරිවර්තනය United National Power යන්නයි. එය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන බව ලිපිනයෙන් සඳහන් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන්නේ UNP යන්නයි. නව දේශපාලන පක්ෂයේ කෙටි යෙදුම, එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුමට සමාන බව, නීති ලේකම්වරයා ලිපියෙන් අවධාරණය කර තිබේ. එම නිසා නව පක්ෂය පිළිනොගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 11:28

    Latest News