බන්ධනාගාර රැඳවියන් ශ්‍රමිකයන් කිරීමේ වැඩසටහනක් අරඹනවා...ඇමති නිමල් (වීඩියෝ)

පෙබ 07, 2020
  • බන්ධනාගාර රැඳවියන් 5,000ක් ආර්ථික වශයේන එලදායී ශ්‍රමිකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    වැඩසටහන ක්‍රියාත්මක වන්නේ රජයේ අධීක්ෂණය යටතේ හා ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සහයෝගයෙන්. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ. ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරය මීට අයෝජනය කරන මුදල රුපියල් මිලියන 300ක්.

    මෙමගින් රජයට රුපියල් බිලියනයකට අධික ආදායමක් වාර්ෂිකව ලබා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ. මීට ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සහයෝගය හිමිවී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ සංකල්පයකට අනූවයි. රැඳවියන්ට පුහුණු කාලයේ දී ජර්මන්,ප්‍රංශ,ඉංග්‍රීසි හා අරාබි යන විදෙස් භාෂා උගැන්වීමට ද නියමිතයි. බන්ධනාගාරයේ දීම පුහුණුව ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 20:10

    Latest News