අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ෆින්ලන්ත රජයේ සහය

පෙබ 07, 2020

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් සහයෝගය ලබාදීමට ෆින්ලන්ත රජය එකඟතාවය පළ කර තිබේ.

    දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමටයි, ෆින්ලන්ත රජය කැමැත්ත පළ කර ඇත්තේ. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරන් මහතා අතර, ඊයේ පැවති හමුවක දී මෙම තොරතුරු අනාවරණය විය. හමුව පැවැත්වුණේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.

    ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනයට අදාළ වැඩසටහන් දෙරට අතර ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම සඳහා මෙරට ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා සිසුදරුවන් අතර සහයෝගීතා හුවමාරු වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද හමුවේ දී සාකච්ජා කෙරිණ. ගුරු අධ්‍යාපනයට අදාළව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු විද්‍යාල හා ගුරු පුහුණු මධ්‍යස්ථානවල තාක්ෂණික ඉගෙනුම් පහසුකම් නැංවීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය අතර අවධානය යොමු වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News