අගමැති මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීම අද

පෙබ 05, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම අද (05) දිනයේ සිදුකිරීමට නියමිතයි. ඒ සඳහා අද දිනයේ පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා කාලය වෙන් කර ඇත.

    අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර මෝටර් වාහන පනත යටතේ වන නියෝග සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

    Last modified on බදාදා, 05 පෙබරවාරි 2020 07:30

    Latest News