මඩකලපුව මහ කන්නේ වී අස්වන නෙලීම ඇරඹේ

ජන 29, 2020

    මඩකලපුව දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලීම අරඹා ඇතැයි අප වාර්තාකරු පවසන්නේ.

    දිස්ත්‍රික්කයේ මෙවර වී වගාකර ඇති කුඹුරු ප්‍රමාණය අක්කර එක්ලක්ෂ හැත්තෑපන් දහසක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා කොට්ඨාස 17ක වී වගාකර තිබේ. ඉන් සාර්ථක අස්වැන්නක් ලැබෙනු ඇති බවයි, ගොවීන් පවසන්නේ. නිසි කලට පොහොර ලැබීම ඊට ප්‍රධාන හේතුව බව ද ඔවුන් කියා සිටියි. මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රජය සහතික මිලක් ද නියම කළේය.

    ඒ අනූව, ප්‍රමිතියෙන් යුතු වී කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 50කටයි. එමෙන්ම තෙතමනය සහිත වී කිලෝවක් මිලදී ගැනීම සඳහා රුපියල් 47ක මිලක් නියම කර තිබේ. මහ කන්නයේදී මිලදී ගැනීම සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කොටි දස දහසක්.

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 08:57

    Latest News