වෝහාරික විගණන වාර්තාව 18,19 පාර්ලිමේන්තුවට

ජන 28, 2020

    මහ බැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

    ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී. විවාදය ලබන මස 18 සහ 19 යන දිනවල පැවැත්වීමට නියමිතයි. විපක්‍ෂය කළ ඉල්ලීමකට අනුව, විවාදය සඳහා දින දෙකක් ලබාදීමට ආණ්ඩු පක්‍ෂය එකඟත්වය පළ කළේය. වාර්තාවේ සිංහල සහ දමිළ පිටපත් ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියත් එය දුෂ්කර කාර්යයක් බව කතානායකවරයා දැනුම් දී තිබේ. ඒ අනුව දැනට සී.ඩී. තැටියක ලබාදී ඇති එම වාර්තාවේ ඡායා පිටපත් ලබන සතියේ ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේය. මෙම රැස්වීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති-ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගි වූහ.

    Latest News