මහජන සෞඛ්‍ය අණපනත් සංශෝධනයට පියවර

ජන 28, 2020

    මහජන සෞඛ්‍ය ආරක්‍ෂා කිරීමට බාධාවක්ව පවතින අණපනත් සංශෝධනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

    මේ බව අවධාරණය කෙරුණේ අද පැවති මේ වසරේ පළමු කොළඹ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී. එහිදී සාකච්ජා කෙරුණේ, මේ වසරේ ක්‍රියාත්මක “සපිරි ගමක්“ ව්‍යාපෘතිය සහ ග්‍රාමීය යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුළු සංවර්ධන වැඩසටහන් පිළිබඳවයි. මෙතෙක් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ගැටලු පිළිබඳව ද සමාලෝචනය කෙරිණ. මුදල් නොගෙවීම හේතුවෙන් ඉකුත් වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් කොන්ත්‍රාත්කරුවන් විසින් අතරමඟ නවතා දමා ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

    මහජන සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමට සක්‍රීය දායකත්වයක් ලබාදිය යුතු ආයතනවලින් ජනතාව බලාපොරොත්තු වන සේවාවක් ඉටු නොවන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය. ඒ සඳහා ආහාර පනත සංශෝධනය කිරීමට මෙන්ම, අදාළ ආයතන ඒකාබද්ධව විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බව ඔහු කියා සිටියේය.

    Latest News