සමන් රත්නප්‍රියට ජයම්පතිගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය හිමි වේ

ජන 28, 2020

    8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය මහතා නම් කර ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහායි.

    ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු යෝජනා කරන්නැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබිණ.

    පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ පුරප්පාඩුව සඳහා සමන් රත්නප්‍රිය මහතා සුදුසු බවට පසුගිය බ්‍රහස්පතින් දා මැතිවරණ කොමිසමට දන්වනු ලැබීය.

    Latest News