හැටන් තානායම ගින්නෙන් විනාශ වෙයි

ජන 28, 2020

    සිය වසරකට වඩා පැරණි වූ හැටන් තානායම අද අලුයම හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

    හැටන් දික්ඔය නගර සභාවට අයත් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන මෙම තානායම හැටන් නගර මධ්‍යයේම පිහිටා තිබේ. හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍ර මහතා පවසන්නේ, එය මාස 6ක පමණ කාලයක සිට වසාදමා තිබූ බවයි. තානායමට විදුලි බලය විසන්ධිකර තිබෙන අවස්ථාවක ගින්නක් හටගැනීම පිළිබඳව සැකයක් පවතින බවයි, හැටන් පොලීසිය පවසන්නේ.

    පැතිරයමින් තිබූ ගින්න හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ හැටන් පොලිසියේ නිලධාරීන් එක්ව පාලනය කරනු ලබයි. ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත.

    Snapshot 6

    Snapshot 5

    Snapshot 4

    Snapshot 3

    Snapshot 2

    Last modified on අඟහරුවාදා, 28 ජනවාරි 2020 10:04

    Latest News