“කොරෝනා“ වැළැක්වීමට ක්‍ෂණික හා කඩිනම් ක්‍රියාමාර්ග

ජන 27, 2020

    කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත් කෙරුණු, ජාතික ක්‍රියාකාරී කමිටුව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූවාය.

    ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී. ශ්‍රී ලංකාව තුළ මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත්කරන ලෙසට, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අමාත්‍යවරියට පසුගියදා උපදෙස් ලබා දී තිබිණ. වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍ෂණික හා කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ජා කෙරිණ. ඒ පිළිබඳව වැඩපිළිවෙළක් සැකසීම සහ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද වැඩිදුරටත් අවධාරණය කෙරිණ. කමිටුව විශේෂඥ වෛද්‍යවරුන් බහුතරයකගෙන් හා විද්වතුන්ගෙන් සමන්විතවේ. මෙම කමිටු සාමාජිකයින් අද රාත්‍රියේ කොරෝනා වෛරසය සම්බන්ධව ගුවන් තොටුපොළේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ නිරීක්‍ෂණයට එක්වීමට නියමිතයි.

    Latest News