MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට තීරණයක්

ජන 27, 2020

    MCC ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ගිවිසුම අධ්‍යයනයට පත් කළ විද්වත් කමිටුව තීරණය කර තිබේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය විසින් මෙම කමිටුව පත්කරනු ලැබීය. ගිවිසුමේ අන්තර්ගතය හා ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් තොරතුරු අදහස්, ඇගයීම් හෝ යෝජනා ලබන 15 වැනිදාට පෙර විද්වත් කමිටුවට ඉදිරිපත් කළ හැකිය. සභාපති MCC ගිවිසුම අධ්‍යයනය සඳහා වූ කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ 03 ලිපි යොමු කළ යුතු ලිපිනයයි. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්්‍යුත් ලිපිනයට ද ජනතා අදහස් යොමු කළ හැකිය. ඉදිරිපත් කරන මහජන අදහස් සහ යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේ අවශ්‍යතාවක් ඇතැයි කමිටුව තීරණය කරන්නේ නම්, ඊට ද අවස්ථාවක් උදාවේ. එම නිසා අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නන්ගේ දුරකතන අංක, තැපැල් ලිපිනය හා විද්්‍යුත් ලිපිනය සඳහන් කරන ලෙස ද කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News