මර්දනකාරී ක්‍රියාපිළිවෙතින් මිදී සිසු ගැටළවලට කඩිනම් විසඳුම් ;අමාත්‍ය බන්දුල (වීඩියෝ)

ජන 27, 2020
  • ශිෂ්‍ය ගැටලු කෙරෙහි, පසුගිය රජයේ පාලකයන් අනුගමනය කළ මර්දනකාරී ක්‍රියා පිළිවෙත අමාත්‍යවරයෙකු හා ගුරුවරයෙකු ලෙස තමා අනුගමනය නොකරන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ, ශිෂ්‍ය උපවාසයක් පැවැත්වෙන ස්ථානයට පැමිණි අමාත්‍යවරයා මේ බව පැවසීය. රත්මලාන විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ශිෂ්‍යයින් දින 08ක් පුරා මෙම උපවාසයේ නිරතව සිටියහ. එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයා ශිෂ්‍යයින් සමඟ සාකච්ජාවක නිරත වූහ. එහිදී ඔවුන් කියා සිටියේ, තම ඉල්ලීම් පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ජා කළ ද එය නොසලකා හැරීම උපවාසයට හේතුව බවයි. සති දෙකක් තුළ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා....

    “මේ දරුවෝ සතියක පමණ කාලපරිච්චේදයක ඉඳන් මෙතන අට්ටාලයක් ගහලා, උපවාසයක් කරනවා, පන්ති වර්ජනය කරනවා කියලා මට දැනගන්න ලැබුණා. පසුගිය කාලයේ පාලකයෝ අනුගමනය කරපු මර්දිත පිළිවෙත නෙමෙයි මම ගුරුවරයෙක් ලෙස අධ්‍යාපන ඇමති ලෙස අනුගමනය කරන්නේ. උසස් අධ්‍යාපනයේ අපිත් අරගල කරලා, අපිත් මේ විශ්වවිද්‍යාලයට ඒරොප්පෙන් ඇවිල්ලා බැහැලා නැහැ. නිදහස් අධ්‍යාපනයේ තියෙන අයිතිය රැකලා අපි දරුවන්ට වඩා හොඳ හෙටක් හදන්න තමයි අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා. කවුරු හරි කෙනෙක් මොනවා හරි කරලා කියලා ළමයින්ගෙන් පළිගන්න, ඒවා මගෙත් එක්ක කරන්න බැහැ. ඒ අය දැන් අට්ටාලය අතහැරලා, බ්‍රහස්පතින්දාට අවසාන සාකච්ජාව දාලා තියෙනවා. මේ සතිය තුළ ප්‍රශ්නය විසඳනවා“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 19:58

    Latest News