විමල් වීරවංශට එරෙහි නඩුව පෙබ.12 යළි විභාගයට

ජන 27, 2020

    අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ගොනුකළ නඩුව, පෙබරවාරි 12 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

    නඩුව, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ, රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් අයථා ලෙස උපයා ගත් බවටයි. මූල්‍ය ගනුදෙනු 26ක් මුල් කරගනිමින් නඩුව ගොනුකරනු ලැබීය. අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ, නඩුවට අදාළ පැමිණිල්ල විසින් විත්තිය වෙත ලබා දිය යුතු ලේඛන සියල්ල දී ඇති බවයි. එබැවින් නඩුව, විභාග කිරීම සඳහා දින නියම කිරීමට හැකියාවක් පවතින බවයි, නීතීඥවරයා පෙන්වා දුන්නේ.

    ඒ අනූවයි, පෙබරවාරි 12 වැනි දින නඩුව යළි කැඳවීමට නියම කෙරුණේ. 2009 වසරේ ජනවාරි මස සිට 2014 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ අමාත්‍යවරයෙකු ලෙස ක්‍රියා කරමින් සිටියදී, නීත්‍යානුකූල අදායම අභිබවා මෙම මුදල් හා වත්කම් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බවටයි, චෝදනා එල්ල වී තිබුණේ.

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 12:07

    Latest News