19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකාවට

ජන 26, 2020

    වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

    ඒ, ජපානයට එරෙහිවයි. තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේදී. වර්ෂාව නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 22කට සීමා කෙරිණ. පළමුවෙන් පන්දුවට පහර දුන් ජපානය පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් ලකුණු 43ක් පමණි. ඔවුන්ගේ කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. පන්දු යැවීමේදී දිල්ෂාන් මධුශංඛ, සුධීර තිලකරත්න, අශේන් ඩැනියෙල්, සහ නවෝද් පරණවිතාන කඩුලු 02 බැගින් බිඳ හෙලීමට සමත්වූහ. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගය ජය ගත්තේ පන්දුවාර 8යි පන්දුවක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 47ක් රැස් කරගනිමින්.

    Latest News