නීතිපතිවරයා ලබාදුන් ඇතැම් තීන්දු ගැන ඔහුගෙන් විමසිය යුතු බව ව්‍යවස්ථාදායක සභාව තීරණය කරයි

ජන 26, 2020

    නීතිපතිවරයා ලබාදුන් ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් ඔහු කැඳවා කරුණු විමසිය යුතු බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ.

    මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ නියෝගය පිළිබඳව ද ව්‍යවස්ථා දායක සභාවේ අවධානය යොමුවිය. නීතිපතිවරයා සිදු කළ මෙම නියෝග හේතුවෙන් ජනතාව තුළ අධිකරණය පිළිබඳව විශ්වාසය බිඳ වැටීමට ඉඩකඩ ඇති බවට මෙහිදී සාකච්ජාවට ලක්ව තිබේ. මෙවැනි නියෝග හේතුවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවන්ගේ වෘත්තීය ගරුත්වයට බලපෑමක් එල්ල වන බව ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමුව ඇත.

    මේ සම්බන්ධයෙන් කතානායකවරයා, නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවට ද තීරණය වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන්, අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගි වූහ.

    Latest News