බඹර කූඩුවක් හිසට කඩා වැටී කාන්තාවකට බරපතලයි

ජන 22, 2020

    හැටන්,දික්ඔය ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිසට බඹර කුඩුවක් කඩා වැටීමෙන් බරපතල ලෙස තුවාල ලැබු කාන්තාවක් රෝහල් ගත කර තිබේ. උකුස්සාගේ පහර දීමත් සමග බඹර කුඩුව කැඩි ගසට පහළින් සිටි එම කාන්තාවගේ හිසට වැටී තිබේ.

    තවත් වතුකම්කරු කාන්තාවන් කිහිප දෙනෙකු ද මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. තුවාල ලැබූ කාන්තාවගේ තත්වය බරපතල බවයි, දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.

    මධ්‍යම කදුකරය ආශ්‍රිතව මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ පදුරු මත සහ තේ වතු යායවල් වල පිහිටි විශාල ගස් මත බඹරුන් විශාල වශයෙන් කුඩු බැද තිබේ.

    එම බඹර කුඩුවල බඹර වද මත පැණි තිබෙන නිසා උකුස්සන් විසින් බඹර වද කැමටදැඩි රුචිකත්වයක් දක්වන බවත්, ඉතා වේගයෙන් ඉගිළී එන උකුස්සා බඹර වදය කඩාගෙන ඉගිලි යන බවත් පරිසරවේදින් ප්‍රකාශ කරයි.

    තේ වතු ආශ්‍රිතව බැද තිබෙන බඹර කුඩු නිසා තේ වතු ආශ්‍රික රැකියා කිරිමේ අවධානමක් පවතින බවත්, බඹර කුඩු ඉවත් කිරිමට වතු පාලන අධිකාරිය මගින් වැඩ පිළිවෙලක් දියත් කල යුතු බවත් බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් කියා සිටියි.

    Last modified on බදාදා, 22 ජනවාරි 2020 12:29

    Latest News