ජනතා ගැටළු වෙනුවෙන් ජාතික රූපවාහිනියෙන් “මහජන දිනය” (වීඩියෝ)

ජන 21, 2020
  • ජනතාවට සිය ගැටලු සෘජුවම විෂයභාර අමාත්‍යවරුන් වෙත යොමු කළ හැකි නව දේශපාලනික වැඩසටහනක් ජාතික රූපවාහිනිය ඔස්සේ අද සිට විකාශය කෙරේ.

    සෑම අඟහරුවාදා දිනකම විකාශය කෙරෙන වැඩසටහන නම් කර තිබෙන්නේ “මහජන දිනය“ ලෙසයි. ජනතා හඬට වේදිකාවක් තනාදීම “මහජන දිනය“ දේශපාලනික වැඩසටහනේ මුලික අරමුණයි. කැබිනට් අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඊට සහභාගි වන අතර, ජනතාව නියෝජනය කරමින්, මාධ්‍යවේදීන් අදාළ විෂය පථයන් යටතේ අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම සිදු කරයි. “මහජන දිනය“ වැඩසටහන සෑම අඟහරුවාදා දිනකම සජීව ලෙස විකාශ කෙරෙන්නේ රාත්‍රී 10.30 සිටයි. අද ඊට සහභාගි වන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතායි.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 19:53

    Latest News