නිවුන්නු සේ ජීවත්වන ශ්‍රී ලාංකික ජාතියක් දැකීම ප්‍රාර්ථනයයි..අගමැති

ජන 21, 2020

    නිවුන්නු සේ ජීවත්වන ශ්‍රී ලාංකික ජාතියක් දැකීම තමාගේ ප්‍රාර්ථනාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    සිංහල, දෙමළ,මුස්ලිම් ජාති භේදයකින් තොරව එක් රටක උපන් නිවුන්නු සේ ශ්‍රී ලාංකික පිරිසක් බිහි විය යුතු බවයි, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඊයේ පැවති නිවුන් හමුවේදී. එය ලොව වැඩිම නිවුන් ප්‍රජාවක් එකට එක්ව පවත්වනු ලබන හමුවක් ලෙස සංවිධාන කෙරිණ. එහි ලෝක වාර්තාව මෙරට සතු කර ගැනීම එහි අරමුණයි. ඒ සඳහා දිනය පුරා ලියාපදිංචි කිරීම් සිදු කරනු ලැබීය. එහිදී නිවුන් දරුවන්ගේ සංස්කෘතික අංග රැසක් ද එළිදක්වනු ලැබීය.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 14:34

    Latest News