උතුරෙන් කොහු චීනට අපනයනය ඇරඹේ

ජන 21, 2020

    උතුරු පළාතේ ප්‍රථම වරට සැකසුම් කරන ලද කොහු චීනයට අපනයනය කිරීම ඊයේ ආරම්භ කෙරිණ.

    ඒ අනූව, මෙට්‍රික්ටොන් 150ක් අපනයනය කෙරිණ. උතුරු පළාතේ සෑම ප්‍රදේශයකින්ම ලබාගන්නා පොල්ලෙලි මගින් සැකසුම් කරන ලද කොහු නිෂ්පාදනය කිරීම වවුනියාවේ දී සිදු කෙරේ. වවුනියාව,ඉරට්ටපොරියකුලම් ප්‍රදේශයේයි එම කර්මාන්ත ශාලාව පිහිටුවා තිබේ.

    මෙමගින් මාසිකව මෙට්‍රික්ටොන් 150ක් චීනයට අපනයනය කිරීමට හැකියාව තිබේ. දිනකට නිෂ්පාදනයට කරන කොහු ප්‍රමාණය ටොන් 6කි. ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 02ක් අයෝජනය කර තිබේ. එමෙන්ම, මෙම කර්මාන්ත ශාලාව මගින් අමෙරිකාවට ද කොහුබත් අපනයනය කිරීමට සැලසුම් කර ඇත.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 14:36

    Latest News